Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Friday, July 28, 2017

නෙථම් පොකුණ රගහලේ ප්‍රථමවරට ප්‍රාසාංගික මුද්‍රා නාට්‍යය වේදිකාගත කෙරෙයි

මහාචාර්ය ආරියරත්න කලූආරච්චි මහතාගේ "තුන්බිය" ප්‍රාසාංගික මුද්‍රා නාට්‍යය වේදිකාගත කිරීමේ උත්සවය ඊයේ (27) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.


දශක දෙකකට පමණ පසුව ලංකාවේ බිහිවූ ප්‍රාසාංගික මුද්‍රා නාට්‍යය වන මෙය නෙථම් පොකුණ රගහලේ වේදිකාගත කෙරුණු ප්‍රථම ප්‍රසාංගික මුද්‍රා නාට්‍යය ද වීම විශේෂත්වයකි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කර තිබුණි.



අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, එස්.බී. දිසානායක, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.