Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Saturday, August 12, 2017

අපේ තේ ගසට වසර 150 යි....


කැමෙලියා සිනෙන්සිස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තේ පැළය ඉන්දියාවට ආවේණික යැයි සැලකේ. එය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසැම් පළාතේ වනාන්තරවල වැවී ඇත. ලංකාවට මුල්ම තේ බීජය ගෙන එන ලද්දේ 1824දීය. දෙවැනි වරට ලංකාවට තේ බීජය නැවැත රැගෙන එන ලද්දේ 1939දීය. මෙම අවස්ථා දෙකෙහිදීම තේ බීජ ගෙන එන ලද්දේ පර්යේෂණ අරමුණකින් සඳහා මිසක වගා කිරීමේ අරමුණකින් නොවීය. එබැවින් මෙම තේ බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ කළ අතර ඒවා නිදහසේ වර්ධනය විය. පසුව ජේම්ස් ටේලර් විසින් 1867දී මුල් වරට ලංකාවේ වාණිජ තේ වගාවක් ආරම්භ කළේය. එබැවින් ලංකාවේ තේ වගාවේ පියා ලෙස ජේම්ස් ටේලර් සැලකීම වරදක් නොවන්නේය. ජේම්ස් ටේලර් විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පළාතේ හේවාහැට ලුල්කඳුර වතුයායේ තේ වගාව ඇරැඹුවේය. එය අක්කර 100ක් පුරා විහිදුණු බව කියැවේ. දැනට ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රදේශ ලෙස සැලකෙන්නේ නුවරඑළිය, මහනුවර, තලවකැලේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොනරාගල, කුරුණෑගල, බදුල්ල, කෑගල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශයි. ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වර්ෂයක් ලෙස සැලකේ. එම වර්ෂයේදී ශ්‍රී ලංකාව තේ කිලෝ ග්‍රෑම් ටි්‍රලියන 215.6ක් අපනයනය කරමින් ලොව අධිකතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත්ව තිබේ. එය විශාලතම තේ නිෂ්පාදනය වන ඉන්දියාවද අභිභවා යෑමකි.
මේ වෙනුවෙන් බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ ප්‍රදර්ශනයක් මේ දිනවල පැවැත්වේ.......