Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Tuesday, February 20, 2018

මේ දිනවල අව්ව ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති දැඩි අව් රශ්මිය හේතුවෙන් ඇස්‌වලට හානි සිදුවීමේ අවදානමක්‌ ඇති හෙයින් ගමන් බිමන් යාමේදී ප්‍රමිතියෙන් යුත් සුදුසු අව් කණ්‌නාඩියක්‌ භාවිතා කරන්නැයි කොළඹ ජාතික අක්‌ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අයි. එල්. එච්. රිෆාස්‌ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දැඩි අව් රශ්මිය හේතුවෙන් දැස්‌වල දැවිල්ලක්‌ ඇතිවන බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය රිෆාස්‌ මහතා මෙසේ ද කීය.

"මේ දිනවල දැඩි අව් රශ්මියක්‌ දවල් කාලයේ වැටෙනවා. මේ නිසා ගමන් බිමන් යැමේදී අව් රශ්මියෙන් දැස්‌වලට හානි සිදුවීමේ අවදානමක්‌ තිබෙනවා. මේ නිසා ප්‍රමිතියෙන් යුත් අව් කණ්‌නාඩි පලඳින්න. ඒ වගේම ගමනක්‌ බිමනක්‌ ගිහින් ගෙදරට දහවල් කාලයේ ආවාම පිරිසිදු ඇල් ජලයෙන් සබන් ගාන්නේ නැතුව මුහුණ දැස්‌ හොඳට හෝදගන්න. ඒ වගේම හොඳම පිරිසිදු ජලය පානය කරන්න. ඒ වගේම මේ දිනවල අනවශ්‍ය ගමන් බිමන් වල යෙදෙන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන් අව්වේ සෙල්ලම් කරන්න යවන්න එපා".