Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, March 12, 2018

ත‍්‍රීරෝද රථ සංගම් ගාස්තු ඉහළ දැමීමට සූදානම්-ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සංගමය

ත්‍රී රෝද රථ සේවාව ශ්‍රී ලංකාව තුළ ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති එකකි.සාමාන්‍ය ජනයා එදිනෙදා ජීවිතයේදී බොහෝ අවස්තාවන් වලදී ත්‍රීරෝද රථ භාවිතා කිරීමට පුරුදු වී සිටීම නිසා රට පුරා විශාල පිරිසකගේ ජීවනෝපාය බවට මෙය පත්ව තිබේ.
කෙසේ වෙතත් පවතින තත්වයන් හමුවේ ත‍්‍රීරෝද රථ සංගම් ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බව අප වෙත වාර්තා විය.ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ ත‍්‍රීරෝද රථ අමතර කොටස් මිල ඉහළයාම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවය.
එමෙන්ම ත‍්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලීමක් කරන බවද මෙහිදී ඔහු ප්‍රකාශ කරන ලදී.