Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, March 12, 2018

සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතල තීන්දුවක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනපති ගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතල තීන්දුවක් ගන්නා බවත් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) දහවල් එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුව මහින්ද අමරවීර අමාත්‍යවරයා අමාත්‍ය වරුන්ගේ සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කළේය. එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ජපන් සංචාරය අවසානයේ දිවයිනට පැමිණීමෙන් පසු විද්‍යානුකූලව ඇමති මාරුවක් සිදු කරන බවත් විෂයානුබද්ධ දැනුමක් ඇතිව ඇමතිවරුන් වෙත වීෂයන් වෙන්කර දීම සිදු කරන බවය.
ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූලව පදනමක් මත ඇමති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි ද හෙතෙම සඳහන් කෙළේය.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති සමාජ ජාලා වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ බොහෝ දුරට පාර්ශව දෙකකින් ඉල්ලීම් පවතින බවත් එක් පාර්ශවයක් සම්පූර්ණයෙන්ම මෙම සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශවය පාලනයක් කර ලෙසත් ඉල්ලා ඇති බව ය.
සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන්නේය. ලංකාව තුල බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීම සිදු වුණු බව ද හෙතෙම අවධාරණය කළේය.
සමාජ ජාල වෙබ් අඩවි හරහා සහ මුහුණු පොත හරහා ජනාධිපතිවරයා ඇතුළු රටේ බහුතරයකට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක කිරීම සිදුවන බවත් බොහෝ දෙනාගේ චරිත ඝාතනය කිරීම් නිසා මේ තත්ත්වය ඉදිරියට මැඩ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති අණපනත් සකසන බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය