Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, March 12, 2018

දිවයින පුරා දැනට අක‍්‍රමකිවත්ව තිබෙන විදුලි පහන් කළමනාකරණය සඳහා නිසි ක‍්‍රමවේදයක්

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ගාල්ල දිස්ත‍්‍රික්කය පුරා විසිරී සිටන විදුලි පාරිභෝගිකයන් සතු අයිතිවාසිකම් හා වගකීම් පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (10) දවස පුරා ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්  පැවැත්විණි.
දකුණු පළාත් පාරිභෝගික උපදේශන කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහනේදී විදුලි පාරිභෝගිකයන් දැනුවත් කරන ලද්දේ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂක යසන්ත රතුවිතාරන මහතා විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා,

'මෙරට විදුලිබල නියාමනය කරන ආයතනයක් ලෙස 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම් සභාව පිහිටවනු ලැබූවා අපේ අයතනයේ ප‍්‍රධාන අරමුණ වන්නේ විදුලිබල කර්මාන්තය නිසි ලෙස නියාමනය කිරීමයි. එම නියාමනයේදී අපි විශේෂයෙන් විදුලි ගාස්තු අය කිරීම් හා වැඩි කිරීම් පිරිවැය පාලනය, විදුලිබල කර්මාන්තයට අදාල තාක්ෂණය, ආරක්ෂක රෙගුලාසි ප‍්‍රමිතීන් හදුන්වා දීම හා ඇති කිරීම විශේෂයෙන් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ගැටළු විසදීමයි.'

'අපි ඉදිරියේදී රට පුරා විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න අදහස් කරනවා. එම වැඩසටහනේදී දිවයින පුරා දැනට අක‍්‍රමකිවත්ව තිබෙන විදුලි පහන් කළමනාකරණය සඳහා නිසි ක‍්‍රමවේදයක් සැකසීම හා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ගැටලූ කඩිනමින් විසදා දීමට අවශ්‍ය නවීන ක‍්‍රමවේද හදුන්වා දෙනවා. ඒ වගේම රටේ විදුලි පාරිභෝගිකයන්ගේ අදහස් හා යෝජනා අපි අරගෙන නැවත සමාලෝචනය කරලා විද්වත් කමිටුවක් හරහා රජයට දැනුම් දීලා විදුලි කර්මානතය අනාගතයේදී වඩාත් කාර්යක්ෂමව සේවාවක් බවට පත් කරන්න ගන්න පුළුවන් ක‍්‍රියාමාර්ග අපි කඩිනමින් ගන්න කටයුතු කරනවා.'

මෙම අවස්ථාවට පාරිභෝගික කටයුතු අධිකාරීයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂාන් වීරසූරිය, සර්වෝදය ගාල්ල දිස්ත‍්‍රික් මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරුන් වන අදිකාරී උපුල් සම්පත් නිමල් යන මහත්වරුන් ද මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටි අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දකුණු පලාත් පාරිභෝගික උපදේශන කමිටුවේ සාමාජික අමරජීව ගුණසිංහ මහතා විසිනි. මෙම අවස්ථාවට ගාල්ල දේශෝදය සංගමයේ සාමාජික සාමාජිකාවන් හා විදුළි පාරිභෝගිකයින් විශාල පිරිසක් සහභාගී වි සිටියහ.