මංකොල්ලාකරුවන් දෙදෙනෙක් හයලක්ෂ විසිතුන්දහසක මුදලක් මංකොල්ලයක්

බෙලිඅත්ත පොලිස් වසමට අයත් ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඊයේ දින (13) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එම බැංකුවේ සේවකයින් බියගන්වා රුපියල් හයලක්ෂ විසිතුන්දහසක මුදලක් මංකොල්ලකා පලාගොස් ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.
බෙලිඅත්ත ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පිහිටා තිබු රාජ්‍ය බැංකුවක් පස්වරු 2.50ට පමණ මෙලෙස යතුරුපැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මංකොල්ලකා තිබේ.
යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා හිස් වැසුම් සහ කබා හැඳ පිස්තෝල දෙකක් අතැතිව බැංකුවට ඇතුළුවී ඇති අතර බැංකුවෙහි සේප්පුවක සහ මුදල් කවුළුවක තිබු රුපියල් හයලක්ෂ විසිතුන්දහසක මුදලක් මංකොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මංකොල්ලය සිදුවන අවස්ථාවේදී බැංකුවෙහි කළමනාකරු ඇතුළුව සේවකයින් පස්දෙනෙකු සිට ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනා ඔවුන් බිය වද්දා බැංකුවෙහි කාමරය තුලට දමා අගුළු දමා ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මංකොල්ලකරුවන් දෙදෙනා බැංකුවට ඇතුළුවන විටදී ඒ බව දුටු කළමනාකාරවරයා බැංකුවෙහි උකස් කර තිබු භාණ්ඩ සඟවා තබා බේරාගැනීමට සමත්වී තිබේ.
බැංකුවෙහි තිබු CCTV පද්ධතියට අයත් දත්ත ගබඩාවද මංකොල්ලකරුවන් විසින් ගලවාගෙන ඇති බව පොලිසිය කියයි.
පලාගිය සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යදවා ඇති අතර තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මංකොල්ලකරුවන් දෙදෙනා පලායන අයුරු අසල තිබුණු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

එම ඡායාරූප පහළින්…

One Comment

  1. I really love your site.. Pleasant colors & theme.
    Did you build this site yourself? Please reply back as I’m planning to create
    my own site and would like to know where you got this from or just what the theme is called.
    Many thanks! It is appropriate time to make some plans for the future and it is time to be happy.
    I’ve read this publish and if I could I wish to counsel you few
    attention-grabbing issues or suggestions. Perhaps you could write subsequent articles relating to this article.
    I wish to read even more issues approximately it! I am
    sure this post has touched all the internet people, its really really good paragraph on building up new blog.
    http://foxnews.net

Leave a Reply

(*) Required, Your email will not be published