වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් අතරතුරදී හෙදියට ‘බෝන් කටර්’ එකකින් පහර දීලා

කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක් තුල ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් තිබියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමග ශල්‍යකර්මයේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සිටි හෙදියකට “බෝන් කටර්” නමැති උපකරණයෙන් සිදුකල පහර දීමක් හේතුවෙන් එම හෙදියගේ හිසට තුවාල සිදු වීමෙන් ඇය එම රෝහලෙහිම ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙනවා.

පෙරේදා (12) සවස සිදුව ඇති මෙම පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ මාධවී රාජගුරු නමැති හෙදියක් වන අතර පහර දීම නිසා අයගේ හිසට සිදුවූ තුවාල සදහා ශල්‍යකර්මයක් සිදු කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම පහර දීම සිදුව ඇත්තේ ශල්‍යකර්මය සිදු කෙරෙමින් තිබෙන අතරතුර වෛද්‍යවරයා විසින් මෙම බෝන් කටර් නමැති උපකරණය භාවිතා කිරීමෙන් පසුව එය රෝගියාගේ ඇද මත තබා එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට හෙදියට දැනුම් දීම නිසා ය. එම උපකරණය රැගෙන තමා අතෙහිවූ බන්දේසිය මත තබා ගත බවත් එම ක්‍රියාවට උරණවූ වෛද්‍යවරයා විසින් එකී උපකරණම රැගෙන තමාගේ හිසට පහර එල්ල කල බවත් සිද්දියෙන් තුවාල ලැබූ හෙදිය පවසනවා.

මෙම පහරදීමට විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ කුරුණෑගල මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය සිය රාජකාරි වලින් බැහැරව විරෝධතාවකයක ද නිරත වුනා.

Leave a Reply

(*) Required, Your email will not be published