ලන්ච්ෂීට් මෙට්‍රික්ටොන් දෙකක් අත්අඩංගුවට

මෙරට තුළ භාවිත කිරීමට තහනම් කර තිබෙන පොලිතින් උපයෝගී කරගෙන නිෂ්පාදනය කළ ලන්ච්ෂීට් මෙට්‍රික්ටොන් දෙකක් ඊයේ (19දා) දින අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි

හෝකන්දර උතුර ප්‍ර‘දේශයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාවක් තුළ තිබී මෙම ලන්ච්ෂීට් තොගය සොයාගත් බවත්, අදාළ ලන්ච්ෂීට් තොගය සමග සැකකාරියක අත්අඩංගුවට ගත් බවත් එම ඒකකය සඳහන් කරයි.
ලබන 18 වැනිදා ඇය අධිකරණයට ඉදිරිපත් කරන අතර, එතෙක් මුදාහැරි බවත් විශේෂ විමර්ශන ඒකකය පැවසීය.

මෙරට තුළ භාවිත කළ නොහැකි පොලිතින් මෙට්‍රික්ටොන් පහක් පසුගිය මාසයේදී පානදුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවත්, එහිදී සැකකරුවෙකුට නඩු පවරා තිබෙන බවත් එම ඒකකය සඳහන් කරයි.
දිරාපත් නොවන ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් භාවිත කිරීම තහනම් කළ පසුගිය වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ප්‍රමිතියෙන් තොර පොලිතින් හා ලන්ච්ෂීට් අලෙවි කිරීමට සැලසුම් කළ පුද්ගලයන් 22කට නඩු පවරා තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පෙන්වා දෙයි.

Leave a Reply

(*) Required, Your email will not be published