නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනාට එක් අයෙකුට වසරක සිර දඬුවමක්

සංචාරක වීසාවලින් පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයන් 14 දෙනා අද(14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කළේය.

මෙම චීන ජාතිකයින් සංචාරක වීසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩබිමක අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදී ගාල්ල පොලිසිය මගින් පසුගිය 2 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර අද(14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම වන බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.

Leave a Reply

(*) Required, Your email will not be published