ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කිව හැකි කණ්ඩායම් තුනක් දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී.ඩී. විලියර්ස් අදහස් පළ කරයි

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කිව හැකි කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී.ඩී. විලියර්ස් අදහස් පළ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මේවනවිට වඩාත් ශක්තිවන්ත කණ්ඩායම් දෙකක් බවයි.

ඕස්ට්‍රේලියාව අවසන් මොහොතේ නැගිටින කණ්ඩායමක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර පකිස්ථානය ද 2017 වසරේදී එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලානය දිනා ගත් අතර ඔවුන් ද විශ්වාසය තැබිය හැකි කණ්ඩායමක් බවයි ඒ.බී.ඩී. විලියර්ස් පවසන්නේ.

මේවන විට සිටින ලොව හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස ඔහු විසින් හඳුන්වා ඇත්තේ ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිවයි.

Leave a Reply

(*) Required, Your email will not be published