youngchang නුවර රසායනික කම්හලක පිපිරීමෙන් පුද්ගලයින් 47 මියයි විස්තරය මෙන්න

නැඟෙනහිර චීනයේ යුන්චෙන් නුවර රසායනික කම්හලක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් 600 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

අද (22) අලුයම මෙම පිපිරීම සිදුවී ඇති අතර අනතුරට ලක්වූ රෝගීන් 640ක පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් 16 ක් වෙත යොමු කර ඇති අතර ඔවුන්ගෙන් 32 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

පොහොර නිපදවන කර්මාන්තශාලාවක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර මෑත කාලයේ චීනයේ සිදුවූ දරුණුතම කාර්මික අනතුරු වලින් එකක් ලෙස මෙය වාර්තා වෙයි.

Leave a Reply

(*) Required, Your email will not be published