ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක හට ගෙන ඇති ගින්නේ පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක හට ගෙන ඇති ගින්නේ මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර එක් ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරනු ලැබුවේ.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ නිරෝෂ් විග්නරාජා නම් පුද්ගලයෙක් වන අතර ඔහු ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමට තැත් කිරීමේදී ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා සිටින අනෙක් ශ්‍රී ලාංකිකයා මේ වන විට මුලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇත. මෙම පුද්ගලයින් දෙනාම ගින්න හට ගත් ඩකා හි FR ගොඩනැගිල්ලේ 10 වන මහලේ පිහිටි ස්කෑන්වෙල් ලොජිස්ටික් සමාගමේ සේවයේ නියුතුව සිටි අය බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටියේ.

ගින්නට කොටුවී සිටින ඇතැම් පුද්ගලයින් ජිවිත බේරා ගැනීම සඳහා ගොඩනැගිල්ලෙන් බිමට පනින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

(*) Required, Your email will not be published