ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සමූපාකාර දෙපාර්තමේන්තුවට අයත් භූමියක රත්තරං සොයා මෙහෙයුම්

යුද සමයේදී කොටි සංවිධානය විසින් රත්තරන් විශාල ප්‍රමාණයක් වල දමන ලද්දේ යැයි සැක සහිතව මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (02) සවස සිදු කරන ලද කැණිමකදී කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පැවසීය.

හිටපු කොටි සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව ඔඩ්ඩුසුඩාන් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි සමූපාකාර දෙපාර්තමේන්තුවට අයත් භූමියක පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් අදාළ කැණිම සිදු කරන ලදි.

මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත මෙම කැණිම සිදු කෙරුණ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය වැසියන්ට අයත් රත්තරන් විශාල ප්‍රමාණයක් අදාළ ප්‍රදේශයන්හි වලදමා ගබඩා කොට ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස කැණිම් සිදු කරන බවට මුලතිව් පොලීසිය පැවසීය.

Leave a Reply

(*) Required, Your email will not be published