ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක්?

ජනාධිපතිවරයාගේ නිල කාලය පිලිබදව ඇති මත භේදාත්මක තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි සම්බාවිතාවයක් පතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර කීයද යන්න සම්බන්ධ ගැටළුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳා අවසන් බවයි.

නමුත් එම කාලය පටන් ගන්නා දිනය සහ අවසන් වන දිනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දින නියමයක් නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

(*) Required, Your email will not be published