ඔංචිල්ලාවක් නිසා ජීවිතයට සමු දුන් මෙතුලි

ඔංචිල්ලාවක් බැඳ තිබූ කොන්ක්‍රීට් කනුවක් කඩාවැටී සිව් හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ.

මෙම අවාසනාවන්ත අනතුර සිදු වී ඇත්තේ හෙට්ටිපොළ ප්‍ර දේශයේය.

අවුරැදු නිවාඩුව ආරම්භයත් සමඟ තම පියා නිවස අසල සාදා දුන් ඔන්චිල්ලාව පැදීමට සිව් හැවිරිදි නෙතුලි සවින්‍යා යන්නේ හත් හැවිරිදි තම අක්කාද සමගින්.

විනාඩි 15කටත් අඩු කාලයක් කෙලි දෙලෙන් ගත කළ ඇයට නිමේෂයකින් තම ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය.

ඒ ඔන්චිල්ලාව බැඳ තිබූ කොන්ක්‍රීට් කණුවක් ඇයගේ ඇග මතට කඩා වැටීමෙනි.

අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගත් නෙතුලිගේ දේහය ඊයේ (08) පස්වරුවේ හෙට්ටිපොල පිහිඹිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගෙන ගොස් ඇත.

බක්මහේ අසිරිය විඳිමින් සිටි නෙතුලි අද (09) පවුලේ ඥාතීන්ට සමුදුන්නේය.

Leave a Reply

(*) Required, Your email will not be published