ටයිගර් වුඩ්ස් එකොළොස් වසරකට පසු ලැබූ ජය

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ගොල්ෆ් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ටයිගර් වුඩ්ස් වසර 11 කට පසු ප්‍රධාන පෙළේ තරඟාවලියක් ජය ගැනීමට ඊයේ(15) සමත් විය.

ඊයේ දිනයේ දී ඇමරිකාවේ ඔගස්ටා ගොල්ෆ් තරඟාවලිය ජය ගැනීමට ටයිගර් වුඩ්ස් සමත් විය.

43 හැවිරිදි ටයිගර් වුඩ්ස් අවසන් වරට ප්‍රධාන පෙලේ ගොල්ෆ් තරඟාවලියක් ජය ගත්තේ 2008 වසරේදීයි.

මේ අතර ටයිගර් වුඩ්ස් අවසන් වරට මාස්ටර් ගොල්ෆ් තරගාවලියක් ජය ගත්තේ 2005 වසරේ දීයි.

ඔහු ක්‍රීඩා දිවියේදී ලද 15 වන ප්‍රධාන පෙලේ ජයග්‍රහණයද මෙයයි.

ටයිගර් වුඩ්ස් කලකට පසුව ලද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමාද සුබ පැතීය.

Leave a Reply

(*) Required, Your email will not be published