ස්ථාන පහක පිපිරීම්.

කොළඹ කොච්චිකඩේ, මීගමුව කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් තුළ අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කොළඹ කිංස්බරි හෝටලය, මරදාන ලැගුම්හලක, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද තවත් බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම් අද උදෑසන 8.45ට පමණ මෙම සිදුවිම් වී තිබේ.

තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

Update 10-17AM
—————————————————–
කොළඹ තරු පහේ හෝටල් දෙකකට බෝම්බ ප්‍රහාර ,ප්‍රහාර වලින් තුවාල ලැබූ 160ක් රෝහලට

Update 10.13AM
—————————————————–
ශ්‍රී ලංකාවේ ස්ථාන පහක පිපිරීම් සිදුව ඇති බවත් මේ වන විට 80 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් මේ

තුවාල ලැබූවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන එමින් පවතින අතර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට රෝගීන් 80කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන ආ බවයි.

දැනට වාර්තාවන ආකාරයට 10 දෙනෙකු පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවත් සඳහන්

Leave a Reply

(*) Required, Your email will not be published