බ්‍රිතාන්‍යයෙන් 30දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට (Video)

මෙරටට එල්ල කළ ප්‍රහාරය අතිශය කූර ප්‍රහාරයක් වන අතර එහි කූරත්වය හද සසල කරවන තරම් වූවක් බවත් එක්සත් රාජධානිය එවැනි කූරකම් අනුමත නොකරන බවත් පෙන්වා දෙමින් මේවන විට තිස්වසරක ම්ලේච්ඡ යුද්ධයක් අවසන්ව දසවසරක් ගතව අති අවස්ථාවක මෙරට ජනතාව සාමය සාමූහිකත්වය වෙනුවෙන් අතිශය උද්යෝගයක් ඇතිව ක්‍රියා කරන අවස්ථාවක එල්ල වූ මෙම ප්‍රහාරය හෙළා දකින බවත් එම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සැමට ඔහුගේ ශෝකය ප්‍රකාශ කරන බවත් ඒ අතර එම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු බ්‍රිතාන්‍ය ජනතාව මේවන විට බ්‍රිතාන්‍යට ගෙන්නා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් පෙන්වා දුන්නා එම ක්‍රියාවලිය සඳහා මෙරටට 30දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් එවා ඇතිබවත් වැඩි දුරටත් සඳහන් කළා.

එමෙන්ම විමර්ශන කටයුතු සඳහා මේවන විට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් 40දෙදෙකු‍ට අධික සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමත් පිළිබවත් අදහස් දැක්වූ එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. එම පරීක්ෂණ ඉතා කඩිනම්ව හා විනිවිදභාවය ආරක්ෂා වන ආ‍කාරයෙන් සිදුවෙතැයි අපේක්ෂා කරනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා කිතුනු දින දර්ශනයේ ශුද්ධවන්ත දිනය වන පාස්කු උත්සවයේදී ක්‍රිස්තියානි නමස්කාරකයින්ට පහර දීම ලෝකය පුරා කිතුනුවන් මුහුණ දුන් අදුරු අත්දැකීමක් බවත් මෙවැනි ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන්, ආගමික ස්ථානවල ආගමික සාරධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ ප්‍රයත්නයන් දෙගුණ කළ යුතු බවත් පෙන්වා දුන්නා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේනතුවේ්දී අදහස් දැක්වූ එරට විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ.

Leave a Reply

(*) Required, Your email will not be published