අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ස්තුතිය පළ කරයි

ආගමන විගමන පාලකවරයා ලෙස වසර පහක සේවා කාලය තුළ තමන්ට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව හිටපු ආගමන විගමන පාලක එම් එන් රණසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සේවය කරනු ලබනවා.

එම් එන් රණසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනය මේ සමග දැක්වෙනවා.

ආගමන විගමන පාලකවරයා ලෙස වසර පහක අගනා එහෙත් අභියෝගාත්මක සේවා කාලයකට පසු මා 2019 අප්‍රේල් මස 01 දින සිට මා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගන්නා ලදී. මා හට නික්ම යාමට ඇති හෙයින් මාගේ සේවා කාලය තුල කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහාය ලබාදුන් අය වෙත මාගේ හෘධයාංගම ස්තූතිය පල නොකොලහොත් එය මාගේ අතපසුවීමක් වනු ඇත.

මා මේ අවස්ථාව උපයෝගී කරගනු ලබනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යංශයේ හිටපු වර්තමාන අමාත්‍යවරුන් හා ලේකම්වරුන්ට ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහා ඔවුන් විසින් ලබා දෙන ලද මගපෙන්වීම හා උපදෙස් පිලිබදව මාගේ අවංක ස්තූතිය පිරිනැමීම සදහා මා විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.විදේශ කටයුතු අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය හා ජාතික සැලසුමි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවසතු බලතල ලබා දීමට අදාල කටයුත්තකදී දෙන ලද සහයෝගය පිලිබදව.

එසේම මාගේ හෘධයාංගම ස්තූතිය පලකර සිට්නවා.කොළඹ පාදක කරගත් විදේශ තානාපති කාර්යාලවල තානාපතිවරුන්ට මහකොමසාරිස්වරුන්ට තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල නායකවරුන්ට දෙපාර්තමේන්තු වෙත ඔහුන් කැදවා ලද සහය හා සහයෝගය පිළිබදව .තවද මට ස්තූතිවන්ත වෙනවා යාබද රටවල සිට ක්‍රියාත්මක අනෙකුත් නියෝජිතයන්ට හා එම කාර්ය මණ්ඩලයන්ට ශ්‍රී ලංකාවේ දේශසීමා කලමණාකරණය පිලිබද කටයුත්ත වඩාත් සාර්ථක ඵල ලබා දීම පිළිබඳව .

අවසාන වශයෙන් මා කෘතඥපූර්වකව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වර්තමාන හා හිටපු මාගේ සහෝදර නිලධාරීන්ට ඔවුන්ගේ සේවය වෙත ඇති දැඩි කැමැත්ත ,කැපවීම ,සහයෝගය හා සහයෝගිතාවය සේවා සපයන රාජ්‍ය ආයතන අතර නව පන්නයේ සේවා ආයතනයක් බවට ඔසවා තැබීම සඳහා සහය වූ බවට ස්තුතිය එල කරමි .

තවදුරටත් නව ආගමන හා විගමන පාලන වෙත සම්බන්ධ සම්පුර්ණ සහය හා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර නව නායකත්වය යටතේ දෙපාර්තමේන්තුව වෙත මාගේ සුභ පැතුම් පුද කරමි.

Leave a Reply

(*) Required, Your email will not be published