ආණ්ඩුකාර පුටු දෙකක් ගැන ජනපති තීරණයක් ගනී. රිෂාද්ටත් තීරණයක් ගන්නැයි දන්වයි

රටතුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලායන දෙදෙනාට වහාම ඉවත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් අද රාත්‍රී අට වන විට  දැනුම් දී ඇති බවත් එසේ තම දූරයන්ගෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ජනාධිපති බලතල ප්‍රකාරව හෙට (03) වන දින දහවල් 12වන විට දූරයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ වැඩි දුරටත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇතිව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් තම දූරය පිළිබවඳව ද තීරණයක් ගන්නා ලෙසත් දන්වා රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාටද දන්වා යවා ඇති බව වැඩිදුරටත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

Leave a Reply

(*) Required, Your email will not be published