මම ඒ රජයේ අහිංසක නිලධාරියෙක් පමණයි…ඒ නිසා මට මේ නඩුවේ වගකීම භාර ගන්න බෑ…

ජාතියේ මහා පාවාදීම නමින් සංවිධානය කර තිබූ විවෘත සම්මන්ත්‍රණයක් අද (25) කොළඹදී පැවැත් වුණා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එය සංවිධානය කර තිබුණා.

ඒ නීතිඥ ශිරාල් ලක්තිලක, හිටපු පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත යන අයගේ සහභාගීත්වයෙන්.

ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකාවේ කැලිෆෝනියා හී මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂගේ නීතිඥයින් ඉදිරිපත් කර තිබූ කරුණූ ජාතියේ මහා පාවාදීමක් බවයි එහිදී සඳහන් කෙරුණේ.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ “”අහිම්සා වික්‍රමතුංගගේ නඩුවේ තීන්දුව ගැන අපි විශ්ලේශනය කළා. අපිට ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලිකව අපහාස කරන්න අවශ්‍ය නෑ. ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු නඩුවේ තීන්දුව ලබා ගැනීම සඳහා තහවුරු කළ කරුණු ගැන කතා කළොත් මේ නඩු තීන්දුවේ ප්‍රතිඵල ආකාර 04කින් රටට බලපානවා. ජාත්‍යන්තර නීතිය පැත්තෙන් පිළිතුරු දුන්නොත්… පළවෙනි අවදානම්ම කාරණය තමයි මේ නඩුවේ තීන්දුවෙන් ජාත්‍යන්තර නීතිය තුළ සාක්ෂියක් ගොඩනැගෙනවා. මේ නඩුවෙදි ගෝඨාභය රාපක්ෂකගේ නීතිඥවරු ඉදිරිපත් කර තිබූ කරුණු අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානුෂ්‍යත්ත්වයට එරෙහි වරදක් කිරීම පිළිබඳ සාක්ෂියක් මින් තහවුරු වෙලා තියෙනවා.
මානව හිමිකම් කොමිසමේ 31.1 යෝජනාවට අවශ්‍ය පදනම මතුකර ගන්නේ මේ නඩු තීන්දුවෙන්. ලංකාව වැටෙන්න යන අමාරුව ගැනයි අපි මේ කතා කරන්නේ.මනුෂ්‍යත්වයට එරෙහි වරදවල් ලංකාවේ වුණා කියලා අපි පිළිගත්තේ නෑ…නමුත් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයින් මෙම නඩුවෙදි අමෙරිකානු අධිකරණය හමුවේ සඳහන් කරනවා… ගෝඨාභය රාජපක්ෂට නිල විනර්මුක්තිය දෙන්න කියලා.. එහෙම කියන්නේ..මේ නඩුවේ තීන්දුවේ පැහැදිළිව මනුෂ්‍යත්ත්වයට එරෙහිව ඝාතනයක් සිදු කළා..ඒ ඝණයට ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය අන්තර්ගත වෙනවා..එය ශ්‍රී ලංකා රජය විසින් කරලා තියෙන්නේ..නමුත් මම ඒ රජයේ අහිංසක නිලධාරියෙක් පමණයි..ඒ නිසා මට මේ නඩුවේ වගකීම භාර ගන්න බෑ.. කියලා ගෝඨාභයගේ නීතිඥයින් මේ අමෙරිකානු මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා. දරුස්මාන් වාර්තාවේ කරපු චෝදනාව ඇත්ත කියලා මේ නඩු තීන්දුවෙන් ඔප්පු වෙන්නේ එහෙමයි.” යනුවෙනි..”

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත කියා සිටියේ සුදු වෑන් රථයකින් ගිය පළමු වැන්නා ලෙස තමාට බිහිසුණු අත්දැකීම් රැසක් ඇති බවයි.

එහිදී “මගේ ඔළුවට කරන්ට් එක ඇල්ලුවා. එවිට මගේ කොණ්ඩේ ගැලවී ගියා. දවස් ගාණක් පොහොර උරයක දාලා තිබ්බා. ඇට කැඩුවා. මගේ පුරුෂ ලිංගයත් තලලා තලලා දැම්මා. අද කොටසක් අයිං කරලා තියෙන්නේ. මම කරපු වරද මොකක්ද?. ඒගොල්ලන්ගේ ජරා ජීර්ණ දේශපාලනයට විරුද්ධව පෑන මෙහෙයවපු එක. මගේ ගෙවල් දොරවල් සෑම මාස 3කට 4කට වරක් පරීක්ෂා කළා. අද වෙනත්රුත් නඩුවක් පවරලා නෑ. මාව නිශ්ශබ්ද කරන්න හැදුවා. ඒත් බැරි වුණා. පස්සේ අත්අඩංගුවට අරන් බන්ධනාගාරගත කළා. ඒත් අපේ හඬ නිහඬ කරන්න බැරි වුණා. ලසන්ත වික්‍රමතුංග කියන්නේ මගේ ළග මිතුරෙක්. ලසන්තව ඉතාම තිරිසන් විදියට මරලා දැම්මා. එදා රහස් පොලිසිය, රාජ්‍ය බුද්ධි අංශය, මෙහෙයුවේ මේ ඇමරිකන් පුරවැසියා තමයි. එදා අපිට පෑන නිදහසේ මෙහෙයවන්න අවස්ථාවක් තිබුණේ නෑ. ඒ වගේ පුද්ගලයෙක් යළිත් මේ රටේ බලයට පත් කරගත්තොත් අපිට කට අරින්න වෙන්නේ කන්නයි බොන්නයි විතරයි. මම මේ රැස්වීමට එනකොට මගේ දරුවා මගෙන් අහනවා තාත්තා කාටහරි විරුද්ධවද කතා කරන්නේ කියලා. කාට විරුද්ධව කතා කළත් ගෝඨා මාමාට විරුද්ධව නම් කතා කරන්න එපා. ටීවීවල ඒ මාමට එකඑක ඒවා කියනවා කියලා දරුවා කිව්වා. දරුවට වයස අවුරුදු 05යි.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ අදාළ නඩු තීන්දුවෙන් ඔප්පු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ අදාළ චෝදනාවලින් නිදහස් වූවක් නොව ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහය මත ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ බව කියන කාරණය බවයි.

අදාළ ප්‍රකාශය හරහා තමන්ගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ මහතාවත් ගෝඨාභය රාජපක්ෂ පාවා දී ඇති බවත් සඳහන් කළා. තමන්ගේ ගැලවීම වෙනුවෙන් රටත් ජාතියත් හමුදාවත් පාවා දී ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *