ගෝඨාභය මහතා‍ට ආබාධිත රණවිරුවන්ගෙන් අභියෝගයක්

මරණ දණ්ඩය දෙන රණවිරුවෝ නිදහස් කරනවා කියලා ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නොමැති බවත් තමන් ආබාධිත රණවිරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වෙනුවෙන් පෙනී සිටි ආබාධිත රණවිරුවෙක් ලෙස පෙනී සිටි බවත් අවස්ථාවාදී මාධ්‍ය භාවිතයක් නිසිවිටකත් නොකරන ලෙසත් සමහර මාධ්‍ය මේ මැතිවරණයේදී අවස්ථාවාදීව මාධ්‍ය නිදහස භාවිතා කරන බවත් ප්‍රකාශ කලා.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන්‍ පෙන්වා දුන්නේ “අපි වෙනුවෙන් අපි” වෙළඳ දැන්වීම වෙනුවෙන් පෙනී සිටි රණවිරුවා වන තේජාන් සමන් කුමාරටවත් වතුර පවා ලබා නුදුන් නමුත් ඔහු හරහා කෝටි ගණනින් මුදල් ඉපැයූ බවත්  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා සිට අද දක්වාම රණවිරුවන් උපයෝගී කර ගනිමින් සිදු කලේ තමන්ට අවශ්‍ය දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම බවත් පෙන්නා දුන්නා.

එදා ආබාදිත රණවිරුවන් වෙනුවෙන් රු 3,000ක් ලබා දෙන බව පැවසුවත් අද දක්වා එවැනි කිසිදු මුදලක් නොලැබුනු බවත්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රජයෙන් පසුව රණවිරු වැටුප් වැඩිවීමක් සිදු කිසිදු කලේ වත්මන් රජය බවත් පෙන්වා දුන් අතර රණවිරුවන්ට හිමි දුෂ්කර දීමනා මෙන්ම මරබිය වැනි දීමනා වැනි දිමනා කප්පාදු කළ බවත් වැඩි දුරටත් එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.

එමෙන්ම 2000 වර්ෂයේ අලිමණ්කඩ ලක්ෂ ගණනින් හමුදාව අතරමංව සිටින විට එම හමුදාව බේරා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නොසිටි බවත් එදා හමුදාව බේරා ගැනීමට සිටියේ සරත් ෆොන්සේකා මහතා හා ජෙනරල් ජානක පෙරේරා මහතාත් බවයි වැඩිදුරටත් පෙන්වා දුන්නේ. තමන් කිසිදු අවස්ථාවක මඩ දේශපාලනය නොකරන බවත් පෙන්වා දුන්නා නමුත් එදා පිත්තල හන්දියේ බෝම්බ පිපිරීමේදී ඔහුගේ ‍කමිසයේ තැවරුණු ලේ සලකුණ ඔහුගේ නොවන බවත් එසේ තුවාලයක් සිදුවීනම් ඒ සලකුණ පෙන්වන්නැයි අභියෝග කළා. මේ අභියෝගය කලේ අද එක්සත් රණවිරු ප්‍රජාව අද මාධ්‍ය හමුවක් කැඳවමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *