ලංකාවේ උපත් ආබාධවලින් 30%ක් පමණ දරුණු උපත් ආබාධ.

ලංකාවේ වසරකට තුන්ලක්ෂ විසිපන්දහසක් දරුවෝ උපදින අතර ඒ අතරින් පන්දහස් අටසියයක් උපදින්නේ විවිධ උපත් ආබාධ සහිතව බව හෙළිව තිබෙනවා. ඉන් දරුවන් 650ක් පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ සෑම වසරකම තුන්ලක්ෂ හැට දහසක් කාන්තාවන් ගර්භණී භාවයට පත්වුවත් සජීවී දරුවන් ලෙස මෙලොව එළිය දකින්නේ ඉන් දරුවන් තුන්ලක්ෂ විසිහයදහසක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා. ඔහු මේ තොරතුරු පවසා සිටියේ කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි. ‘‘ලංකාවේ උපත් ආබාධවලින් 30%ක් පමණ දරුණු උපත් ආබාධ. ඒ දරුවන්ට ආබාධිතව ජීවිතයක් ගත කරන්න බැහැ. ඔවුන්ට සේවා සැපයීමට සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් විශාල මුදලක් වෙන් වෙනවා. ගර්භයට මාස 07ක් තියෙනකොට කුස තුළ මියයන දරුවන්, මළ දරුවන් ගණන ලංකාවේ වසරකට 1900ක් පමණ වෙනවා. ඉන් 35%ක්ම කලල ආබාධ හෝ විකෘතිතා සිදුවෙලා තියෙනවා’’ යනුවෙන් ද ඔහු සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *