කෝවිඩ් නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය පරාජය කරන්න ඉන්දීය වෛද්‍යපිරිසක් සමත්වෙයි

කෝවිඩ් නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය සුවකළ හැකි එන්නතක් සොයාගැනීමට ඉන්දීය සහ අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

එම පර්යේෂකයින් සඳහන් කළේ, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත තවත් මාස 06කට පසු මනුෂ්‍යයන් යොදා පරීක්ෂාවට භාජනය කළ හැකි බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය සුවකළ හැකි එනනතක් සොයා ලොව පුරා පරීක්ෂණ ඇරඹී ඇති නමුත් එස් අයි අයි – කෝඩැජෙනික්ස් යනුවෙන් හැඳින්වෙන මෙම එන්නතෙහි විශේෂත්වය වන්නේ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය සිරුර තුළ ගොඩනැගීමට ඊට වැයවන කාලය සෙසු ප්‍රතිකාර ක්‍රමවලට සාපේක්ෂව අවම වීම හේතුවෙනි.

මෙවැනි වෛරස වෙනුවෙන් එන්නත් සොයා ගැනීමට සාමාන්‍යයෙන් වසර 07,08ක කාලයක් ගත වන නමුත් විද්‍යාගාරය තුළ දැනටමත් මෙවැනි එන්නතක් නිර්මාණය කිරීමට හැකි වීම ජයග්‍රහණයක් බව එය සොයාගත් පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

මේ අතර කොරෝනා වෛරසය වළක්වාගත හැකි මෙන්ම ප්‍රතිකාර කළ හැකි වෛරසයක් බව චීන සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරනවා.

වෛරසය පැතිරයාම ආරම්භයේ එය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගීන් ප්‍රතිශතය 38% සිට 18% ක් දක්වා මේ වනවිට පහතවැටී ඇති බව ද සඳහන්.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව සටහන් වන්නේ 1807ක් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 72 436ක් වනවා.

ජපානයේ පුද්ගලයන් 60 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *