ජනතාවත් අද අසීරු අඩියකට වැටී සිටිනවා…

එකිනෙකා විවේචනය කරමින් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

සියලු දෙනා එක මිටට එක්ව කටයුතු කලොත් ඉදිරි මැතිවරණයේදී ජනතාව නැවත එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදීමට සුදානම් බවයි ඒ මහතා කුරුණෑගල ආසනයේ විශේෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී අන්තවාදී මත ප්‍රකාශකරමින් ජනතාව රවටා බලය ලබාගත්තද අදවන විට එකී බලය හරහා රට නිවැරදි දිශානතියකට රැගෙන යා නොහැකිව රටත්, ජනතාවත් අද අසීරු අඩියකට වැටී ඇති තත්වයක් තුල, රටට ජනතාවට වගකියන දේශපාලන පක්ෂයක් ලෙස කල්ලී, කණ්ඩායම් වලට නොබෙදී සත්‍යය ජනගත කරමින්, ජනතාව ආමන්ත්‍රණය කලයුතු බවත් ඔහු එහිදී සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු වයඹ පළාත් සභා විපක්ෂ නායක ශමල් සෙනරත් , හිටපු පළාත් සභා මන්ත්‍රී සහබ්දීන් , කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. කළමණාකරු ආසිරි හේරත් , කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප. සංවිධායක අජිත් පණ්ඩිතරත්න හිටපු පොල්ගහවෙල එ.ජා.ප. සංවිධායක මංගල රණරාජා , නගර සභා විපක්ෂ නායක වරුණ ප්‍රේමරත්න, හිටපු ප්‍රා.සභා විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *