Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Friday, June 26, 2020

මත්පැන් පාලය කරන ඔබ දැනසිටියාද? මත්පැන් පානය කළ පාරිභෝගිකයන් බෙහොමයක් විවිධ අසාත්මිකතා සහ අපහසුතාවයන් මතුවී තිබෙන බව



අරක්කු වර්ග රැසක රසය පැහැය මෙන්ම ගුණත්වය ද පහත මට්ටමක..

මෙරට ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදකයින් බොහොමයක් දෙනෙකු විසින් නිපදවා සුරා සැල් වෙත නිකුත් කර ඇති මත්පැන් පානය කළ පාරිභෝගිකයන් බෙහොමයක් විවිධ අසාත්මිකතා සහ අපහසුතාවයන් මතුවී තිබෙන බව වාර්තා වනවා.
දිවයිනේ ප්‍රමුඛතම අරක්කු නිෂ්පාදන ආයතනයක නිළධාරියෙක්ම දිනපතා පුවත් පතක් සදහා ලබා දී තිබූ සාකච්චාවක සදහන් කර තිබුනේ මේ වන විට සුරාසැල් වෙත නිකුත් කර ඇති අරක්කු වර්ග බොහාමයක රසය පැහැය මෙන්ම ගුණත්වය ද පහත මට්ටමක පවතින බවයි.
ඒ අනුව ඒවා පානය කළ බොහෝ දෙනකුට උගුර කැසීම ,අධික හිසරදය සහ අසාමාන්‍ය වමනය වැනි අපහසුතා ඇති වී තිබෙන බව එම පුවත්පත් වාර්තාවේම සඳහන් වනවා..
මීට හේතු වී ඇත්තේ දේශීයව නිපදවන එතනෝල් ඇසුරෙන් මත්පැන් නිපදවීම බව මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක නිළධාරියා සදහන් කර තිබෙනවා.
එතනෝල් ආනයනය කිරීමේදී මෙරටින් පිට රටට ඇදී යන අධික මුදල් ප්‍රමාණය සලකා බලා පසුගිය ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවා.
ඒ අනුව පැල්වත්ත සහ සෙවණගල යන සීනි නිෂ්පාදනාගාර වලින් නිපදවනු ලබන එතනෝල් භාවිතා කළ යුතු බවට නියෝග කර තිබෙනවා.
මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සමන්තා විමලසේන සඳහන් කර ඇත්තේ අරක්කුවල වෙනසක් වී ඇත්තේ කෘතීම රා ඇතුළු විෂකාරක දේ ඇතුළත් කිරීම නිසා බවයි.
අරක්කුවල ප්‍රමිතිය නියාමනය නොකිරීම නිසා ඒවායේ ඇතැම් විට විෂ තිබිය හැකි බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සමන්තා විමලසේන සඳහන් කළේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රමිතිකරණයක් මේවන විට සකස් කරමින් සිටින බවද සමන්තා විමලසේන මහත්මිය සඳහන් කර තිබෙනවා.
අදාළ පුවත්පත් වාර්තා පහතින් දැක්වෙනවා....