ඉංග්රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටි ළමා රියල්ටි වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු වූ පන්නිපිටියේ සැකකරු කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ හා ඡායාරූප ගෙන ඒවා රටවල් පහක විදේශිකයන්ට විකුණන ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
ඇමරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, මැලේසියා ඇතුළු රටවල විදේශිකයන්ගේ ඊමේල් ලිපිනයන්ට හා තැපැලෙන් සීඩී පට පවා යවා මුදල් උපයා ඇති බව වාර්තා වනවා.
ඒ වෙනුවෙන් රුපියල් විසිදහස, තිස්දහස වැනි ගණන් සැකකරුගේ ගිණුමට වැටී ඇති බවද හෙළිවී තිබෙනවා.
ශ්රී ලංකා දරුවන් සමලිංගික සේවයට යොදවන බවට හුවා දක්වමින් වයස අවුරුදු අටත් දොළහත් අතර දරුවන්ගේ වීඩියෝ පට හා ඡායාරූප ගෙන මෙසේ පිටරටට යවා ඇතැයි ද ප්රශ්න කිරීම්වලදී පවසා තිබුණා.
ප්රසිද්ධ ළමා චරිතවල සිටින දරුවන් ඉලක්ක කර ෆේස්බුක් ගිණුම් පවා මෙම සැකකරු සකසා ඇති බවද වාර්තා වනවා.සැකකරු ළමා චිත්රපටයක තිරපිටපතක්ද ලියා ඇති අතර එය තිරගත වූ ප්රසිද්ධ චිත්රපටයකි.
සැකකරුගේ පන්නිපිටිය නිවෙස පරීක්ෂා කිරීමේදී වීඩියෝ පට සහිත සීඩී 130ක්, පරිගණක හා ළමා යට ඇඳුම් අල්මාරියක් සහ ළමයින්ගේ හිසකෙස් 192ක් සොයාගෙන තිබෙනවා