උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් මීට සුළු මොහොතකට පෙර (20) ප්‍රකාශ පත් කළා.
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡාවකදීයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 11වන දිනද උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 12 වන දිනද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර සැලසුම් පරිදි සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමටයි.
ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ඔක්තෝම්බර් 2 වැනිදා තෙක් උසස් පෙළ විභාගය පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.