Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Sunday, July 19, 2020

කුලියාපිටියේ ‘වොක්ස්වැගන් ෆැක්ටරියට’ වෙච්ච දේ මෙන්න...


කුලියාපිටිය ලබුයාය මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් 90%ක් මේ වනවිට අවසන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

රුපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පසුගිය රජය විසින් ආරම්භ කරන ලද මෙම කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් මවු ශාඛාවේ ප්‍රශ්නයක් නිසා වෙස්ටන් ඔටෝ මොබයිල් නම් වෙනත් සමාගමක් හරහා ඉදිකළ බවයි.

මෙම කර්මාන්ත ශාලාව ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලාවක් වනු ඇතැයි පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා බිලියන ගණනක ආයෝජනයක් වන මෙමගින් වාහන වර්ග හතරක් නිෂ්පාදනය කිරීමට යෝජනා කර ඇතැයි ද සඳහන් කළා.

එම කර්මාන්ත ශාලාව පහතින් දැක්වෙනවා.