කොරෝනා නිසා පසුගිය දා වසා දැමු රාගම පුද්ගලික රෝහලේ කලමණාකාර අධ්යක්ෂවරයාගේ බිරිඳට සහ දරු දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා.
ඔවුන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.
අදාල කළමනාකාර අධ්යක්ෂවරයා කොරෝනා ආසාදන වීමෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද්දේ පසුගිය 13 වැනිදායි.
ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස ද සේවය කරන ලද අයෙකි.
ඔහුට වෛරසය ආසාදනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයන් සවයං නිරෝධනයට ලක් කළා.
ඉන්පසු කළ පරීක්ෂණවලදී බිරිඳ සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා.
දැනටමත් එම වෛද්‍යවරයාගේ සංචරණය කළ ස්ථාන කිහිපයක්ම වසා දමා ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.