Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Thursday, July 23, 2020

මැර ප්‍රහාරයට ලක් වූ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම ශල්‍යකර්මයකට ලක් කරයි


හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කරයි.

ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ ඊයේ (22) බහින් බස් වීමක් ඇතිවීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍යවරයා අසල ඇති  කාණුවකට ඇද වැටී කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.