Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, July 20, 2020

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ වැටලීමෙන් හමුවූ දේවල් මෙන්න...

 

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ තවත් වැටලීමකදි හෙරොයින් ග‍්‍රෑම් 400 ක් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ජංගම දුරකතන 19 ක් සහ සිම් කාඞ්පත් 09 ක් ද සොයා ගැණුනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මෙහිදී සොයා ගැණනු ජංගම දුරකතනවලට යොදන බැටරි සංඛ්‍යාව 165 ක්. 

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ වයි වාට්ටුවේ මෙම වැටලීම් සිදුකළ අතර රැදවියන් 70 කට ආසන්න පිරිසක් එහි රැඳී සිටිනවා. මෙම වැටලීම සිදුකළේ බන්ධනාගාර බුද්ධි අංශයට අනියුක්ත කාන්තා නිලධාරිණියන් පිරිසක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.