කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.