Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Monday, February 15, 2021

සමහර මාධ්‍ය බොරු ගැටුම් මවමින් තලු මැරුවට පොදුජන පෙරමුණේ ශක්තිය ගැන විමල් ඇමතිතුමත් හොඳින් දන්නවා...

 


මේ දවස්වල විමල් වීරවංශ මැතිතුමා ගැන මාධ්‍ය තලු මරමර කතා කරනවා. නමුත් කිසිදු ගැටලුවක් ඔය කිසිවකුත් අතර නැහැ. එහෙම ගැටලුවක් මවන්න තමයි බොහෝ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. පොදුජන පෙරමුණේ ශක්තිය විමල් වීරවංශ මැතිතුමා දන්නවා. ඒවගේ ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේන්න එතුමා දරපු උත්සහය එතුමන්ලත් දන්නවා. යනුවෙන් පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය වෙනුවෙන් අදහස් දක්වමින් බුද්ධික වික්‍රමාදර මහතා පැවසීය. ඔහු මේ බැව් පැවසූයේ සිවුදෙස සුරැකි සිවු වසරනමින් ගාල්ල ආසනයේ පැවති පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මේ වරාය පිළිබඳ කතා‍වෙදි අපි දන්නවා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ වරාය ඇතුළු මෙරට බොහෝ සම්පත් පිටරටට විකුණන්න ගිවිසුම් ගැහුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය ඒකනෙ. ඔහු නොවික්කෙ ඔහුගෙ බිරිඳ විතරයි. 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසට අනුව හම්බන්තොට වරාය හැදුවා. මත්තල හැදුවා. දැනට තිබෙන වරාය සංවර්ධනය කරන්නට අවශ්‍යයි. ඒක නිසා ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා පැහැදිලි ව සඳහන් කළා වරායෙ නැගෙනහිර  ජැටිය විකු‍ණන්නේ නැහැ. බටහිර, දකුණ සහ අනෙකුත් වරාය ජැටි සඳහාද ආයෝජනයන් එක්ක දියුණු කරනවා කියලා. එතුමා කොතනකවත් සඳහන් කරලා නැහැ ඒවා විකුණනවා හෝ බදු දෙනවා කියලා. මහජනතා දේපළ විකුණන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි. යහපාලන ආණ්ඩුව ගහපු ගිවිසුම් අවලංගු කරන එක ලේසි වැඩක් වුණේ නැහැ. නමුත් අපේ රජය රාජ්‍යතාන්ත්‍රික විදියට එම ගැටලුවලට මැදිහත් වෙනවා. පොදුජන පෙරමුණ කියන්නේ ජනතාවගේ පක්ෂයක්. මේක ජනතාවගේ ආණ්ඩුවක්. යනුවෙන් ද පැවසීය.

මෙම අවස්ථාව සඳහා ‍අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පා.ම. ඉසුරු දොඩංගොඩ, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් සහ පොදුජන පෙරමුණේ තරුණ නි‍යෝජිතයින් රැසක් ද එක් වූහ.