Recent Posts

AD HERE

Recent News

Responsive Ads Here

Saturday, February 20, 2021

ලංකා සීනි සමාගමට ලැබුනු ලක්ෂ 18,800ක ලාභයත් සමඟ සේවකයන්ටත්, උක් ගොවීන්ටත් රාජ්‍ය ඇමති ජානකගෙන් සුබ පණිවිඩයක්...(VIDEO)



පසුගිය වසරේ ලංකා සීනි සමාගම විදිහට ලැබූ ලාභය ලක්ෂ 18,800ක් බවත්. මෙම සමස්ත මුදලම වත්මන් රජය පැමිණීමට පෙර එක් පැලැන්තියකගේ විසින් තම සාක්කු පුරවා ගැනීමට යොදාගත් බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් හා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණිමත් සමඟ එම පැලැන්තියෙන් හිමිව තිබූ  එම  මුදල අද වන විට දුප්පත් උක් ගොවීන්ට ලබා දීමට හැකිවූ බවත් පෙන්වා දුන්නා. 

එමෙන්ම මෙම ලැබූ ලාභයට අනුව අප්‍රේල් මාසයේත්,  දෙසැම්බර් මාසයේත් ආදී වශයෙන් බෝනස් මුදල් දෙකක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ලක්ෂ 6,000ක් වෙන් කරමින් සෙවනගල දෙවන අදියර ආරම්භ කිරීමට මෙන්ම එතනෝල් නිෂ්පාදනයට අවශ්‍යතාවය යන්ත්‍රෝපකරණ මිළදී ගැනීමට හා උක් ගොවීන්ගේ ජල ගැටළුව විසඳිමට ලක්ෂ 1,000ක් වෙන් කිරීමටත් වත්මන් රජය මේවන විට ක්‍රියාකරමින් පවතින බවයි. 

තවදුරටත් උක් ගොවීන් නඟාසිටුවීමේ අරමුණින් හෙක්ටයාර් 1කට වැඩි බිම් ප්‍රමාණයක් වගාකරන ගොවීන් සඳහා ජලය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය සහන ලබාදීමට ද මේවන විට සාකච්ඡා කරමින් පවතින බවයි. මේ වන විට අවම බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් නෙලා ගැනීම මේ වන විට රජයේ අවශ්‍යතාවය බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා. 

ඒ වගේම පසුගිය මාසයේ උක් සැපයූ පිරිස වෙනුවෙන් හා ඉදිරියේද එම රුපියල් 250කින් වැඩි කරමින් එම මුදල ලබාදීමටද කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අදහස් ඒ මහතා විසින් ප්‍රකාශ කළේ පැලවත්ත ලංකා සීනි සමාගමේ උක් ඇඹරීමේ මංගල්‍යයට එක්වෙමින්.

එම වීඩියෝව පහළින්....